රිදියගම සෆාරි උද්‍යානයේ ෂිනා සිංහ ධේනුව යළිත් වරක් පැටවුන් දෙදෙනෙකු බිහි කර ඇති බව වාර්තා වෙයි.
මෙලෙස ෂිනා තුන්වැනි වරට මව් පදවියෙන් පිදුම් ලැබුවේ ගැහැණු පැටවුන් දෙදෙනෙකු බිහි කරමිනි.
ජර්මන් රජයේ පරිත්‍යාගයක් ලෙස දෙහිවල සත්ත්වෝද්‍යානයට හිමිවූ මෙම සිංහ ධේනුව පසුව රිදියගම සෆාරි උද්‍යානයට වෙත ගෙනැවිත් ඇති බව සදහන්.
සත්ත්ව උද්‍යාන පාලකවරයා සදහන් කළේ ඉදිරි සති දෙක තුළ මෙම පැටවුන් දෙදෙනා මහජන ප්‍රදර්ශනයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.