සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් උප ව්‍යාපෘති 9ක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඩොලර් මිලියන 15ක ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේය.
මීට අදාළව මූලික සැලසුම් සැකසීම මේ දිනවල සිදු කෙරෙන අතර සීගිරිය හා ඒ අවට හදුනාගත් බිම් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතව ඇති බව සඳහන්.