බදුල්ල මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි කර ඇතැයි වාර්තා වේ.
රෝහලේ විදුලි බිල රුපියල් කෝටි 7කට ආසන්න බව සදහන්.
මේ හේතුවෙන් ඊයේ (09) දිනයේ දී හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කර තිබේ.
කෙසේ වෙතත් රෝහල් බලධාරීන් පවසා සිටියේ, ඉදිරියේ දී රෝහලට සම්පුර්ණයෙන් විදුලිය විසන්ධි වීමේ අවධානමක් පවතින බවයි.