උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධාන යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා,
“මෙවර අලුත් විෂයක් එකතුවෙලා තියෙනවා. කොරියානු භාෂාව. ඒ විෂය එකතු කිරීමට යෑමේ දී කාලසටහනේ පුංචි වෙනස්කම් කිහිපයක් සිදුකරන්නට වුණා. ඒ නිසා මම සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා පෙර පැවති කාලසටහන පාවිච්චි කරන්නට එපා. මොකද සමහර වෙබ් අඩවිවල මේ කාලසටහන වැරදි විදියට දක්වලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂකයින්ට පහසුවෙන්න අපි ප්‍රවේශපත්‍රයේම මේ කාලසටහන දක්වලා තියෙනවා. ඒ නිසා කිසිදු වෙනත් තොරතුරකට යන්න අවශ්‍ය නෑ. ඔබේ ප්‍රවේශපත්‍රය ගත්තහම එකේ වෙන්කර ගන්න කොටසක් තියෙනවා. ඒ කොටසේ ඔබ ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, මොන පත්‍රය ද, මාධ්‍ය, ඒ විෂය පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙනවා. එය ප්‍රමාණවත්. ඔබ වෙන කිසිදු දෙයක් සොයන්නට අවශ්‍ය නෑ කාලසටහන පිළිබඳව…”