වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 65ක් වැසි තත්ත්වයත් සමග වාන් දමන බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්. පී. සී. සුගීෂ්වර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශ 40ක්, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 25ක් වාන් දමන බවත් , ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 06ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 06ක, යාන් ඔය ජලාශයේ වාන් දොරටු 05ක්, තබ්බෝව ජලාශයේ වාන් දොරටු 04ක විවෘත කර තිබේ .
එමෙන්ම ලුණුගම්වෙහෙර සහ උඩවලව යන ජලාශද වාන් දමන බවත් , වැසි තත්ත්වය සමග වාරිමාර්ග ජලාශවල සමස්ත ජල ධාරිතාව 75%ක් දක්වාද,ල් මහවැලි ජලාශවල සමස්ත ජල ධාරිතාව 80%ක් දක්වාද වැඩිවී ඇති බවත් වාරිමාර්ග අධ්යක්ෂවරයා සඳහන් කරන ලදී .
වැව්, ජලාශ ආදියෙහි ජල මට්ටම ඉහළ තත්ත්වයක පවතින බැවින් විනෝද චාරිකා ගොස් එම ස්ථානවලින් දිය නෑමෙන් වළකින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.