ආගමික ස්ථාන සදහා සූර්ය පැනල සවි කිරීම සදහා වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් මේ වන විට විහාරස්ථාන හතරක සූර්ය පැනල සවි කර ඇති බවත් සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරන ලදී. මේ සදහා ඩොලර් මිලියන 10ක ඉන්දියානු අධාර ලැබී ඇති බව සදහන්.
මෙහි ප්‍රථම අදියරයේදී අධ්‍යාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යන සියලු පූජනීය ස්ථානවල සූර්ය පැනල සවි කිරීමට සැලසුම් කර ඇති බවත් වසරක් ඇතුළත සියලුම ආගමික ස්ථානවල සූර්ය පැනල සවි කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.