සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබේ .
ඒ අනුව හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි.
ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ අදාළ ප්‍රදේශවල විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි.