සමහරු බලය ගන්න කළින්ම සූට් මහගෙන. – මහින්ද රාජපක්ෂ .

බොරුව ජනගත කරන්න උත්සහ කරන කණ්ඩායම හමුවේ තව දුරටත් ඇස් කන් පියාගෙන නොසිටිය යුතු බවත් , සමහරු බලය ගැනීමට කලින්ම සූට් මහගෙන සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (15) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ සූට් මහගෙන ඉන්න කවුරුත් රට අමාරුවේ වැටුණු අවස්ථවේදී සූට් ඇදීමට ඉදිරිපත් නොවූ බවත් , ණය ගෙවීමට ඉතිරිව තිබීම නිසා දැම්ම ගත්තම තනතුරේ ගොඩක් කල්ඉන්න බැරිවේ යැයි සමහරු වගකීම භාර නොගත් බවත් , එවැනි නායකයන්ට බලය දීමට ජනතාව සූදානම් නොමැති බවත් ය.

එමෙන්ම රට නිවැරදි මාර්ගයටට ගෙන යෑමට ජනතාවට දේශපාලනයක් අවශ්‍ය වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට අවශ්‍ය ආකාරයේ අලුත් රටක් වෙනුවෙන් නව ගමනක් ආරම්භ කරන බවත් , සමහරු මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි දැයි ජනතාව දන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version