අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේ දී කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රිය අද (28) උදෑසන 8.15 ට පමණ පුද්ගලයෙක් ගැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර මරණකරු සරමක් සහ කමිසක් ඇද සිටි වයස අවුරුදු 40 – 50 ත් අතර පුද්ගලයෙක් බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
මළ සිරුර අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අම්බලන්ගොඩ පොලීසිය විසින් සිඳු කරන බව සඳහන්.