නීති විරෝධී ලෙස අලෙවිය සදහා රැගෙන ගිය වාණිජ පුපුරන ද්‍රව්‍ය කූරු 95 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ ලංකා නාවික හමුදාව ,කන්තලේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ත්‍රිකුණාමල චීන වරාය ප්‍රදේශයේ ජුනි 6 දින කල විමර්ශනයකට අනුව බව සදහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වයස අවුරුදු 43ක පුද්ගලයෙක් වන අතර
පසුව මොහු ඉදිරි කටයුතු සදහා පුල්මුඩේ පොලිසිය වෙත භාර දී තිබේ.
එමෙන්ම පුල්මුඩේ යාන් ඔය ප්‍රදේශයේදී කල තවත් විමර්ශනයකදී ළදු කැලෑවක සගවා තිබු පුපුරන ද්‍රව්‍ය කූරු තුනක් සහ විදුලි නොවන ඩෙටනේටර් 5ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.