අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්.

අද (07) දිනයේ සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කර තිබේ.

අද දිනය තුළ අදාළ වැඩසටහන පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සිදු කරන බවට විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කර ඇත.

Exit mobile version