අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 22 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ .
විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ (19) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවත් , සියලු අයදුම්කරුවන් සඳහා මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර යොමු කර ඇති බවත් ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමිත් ජයසුන්දර මහතා ,
“ඔබ ඉල්ලුම් කළ විදියට නම තියෙනවා ද? විෂයන් නිවැරදිද? මාධ්‍ය නිවැරදිද? උපන්දිනය සියලු තොරතුරු නිවැරදිද කියන එක පරීක්ෂා කරන්න. අපි අවස්ථාව දුන්නා මෙහි දෝෂයක් තියෙනවා නම් එය දෙසැම්බර් 22 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අපි දීර්ඝ කළා. https://onlineexams.gov.lk/onlineapps/ වෙබ් අවඩියට පිවිස සියලු සංශෝධන සිදුකළ හැකිය. අපි අවස්ථාව දෙනවා එහි මුද්‍රිත පිටපතක් ලබාගන්න. එය රැගෙන ඔබ විභාග ශාලාවට යන්නේ.”
.