ලෙබනනයේ සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්.

දකුණු දිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව එම නිවේදනයෙන් දැනුම්දී ඇත්තේ තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මනින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසටය.

ඒ සඳහා දුරකථන අංක දෙකක සහ විද්‍යුත් ලිපිනයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී තිබෙන අතර ඒවා පහතින් ,

70386754 – පළමු ලේකම් සනත් බාලසූරිය

71960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

විද්‍යුත් ලිපිනය – slemb.beirut@mfa.gov.lk

Exit mobile version