ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ .
ඒ අනුව අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර තිබේ.
එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරන අතර ඒ සමඟම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇති බව සඳහන් .
එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර අද (06) දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද වාර්තා වේ .