සංචාරක ශ්‍රීලංකාව හා නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබේ.
අද තරග ආරම්භයට පෙර ක්‍රීඩාංගනය අවට වැසි තත්වය හේතුවෙන් තරග ආරම්භය ටික වේලාවකට ප්‍රමාද වී තිබේ.
මෙම තරගයේ ශ්‍රීලංකා කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක කැඳවා ඇති බවත් එය ඔහුගේ මංගල ටෙස්ට් තරගය බවත් සදහන් වේ.
නිශාන් මධුෂ්ක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව තුල දී ආරම්භක පිතිකරුවෙකු ලෙසින් දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම තරගයට කැදවා ඇති බව පැවසේ.