ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු මගී ගුවන් සේවය ලබන ඔක්තොම්බර් මස සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට මෙරට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිත බවත් , ඒ සදහා ඊශ්‍රායලයේ ” ආකියා ” ගුවන් සේවයට අයත් ගුවන් යානා මෙරටට පැමිණෙන බවත් සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ දෙරටේ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 30 වනදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර මීට අදාළ අවබෝධතා ගිවිසුමට ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.