ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව වාර්තා වේ.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ‘කායිස් අල් දලායි’ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් අද (04) උදෑසන ඩුබායිහිදී පැවැත්වුණු බව සදහන්.
එහිදී ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම පැරීසියේ පැවැති රැස්වීමකදී ඉවත් කළ බවයි.
එම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.