අයර්ලන්තය සහ ශ්‍රී ලංකාවඅතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අද (18) දිනයේදී ඉනිමක සහ ලකුණු 280ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද සමත්විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවතී මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබාගන්නා ලදී.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සතක හතරක් වාර්තාවූ අතර, නායක දිමුත් කරුණාරත්න ලකුණු 179, කුසල් මෙන්ඩිස් ලකුණු 140, දිනේෂ් චන්දිමාල් ලකුණු නොදැවී 102 සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 104 ලෙස වේ.
පිළිතුරු ලෙස අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කළේ ලකුණු 143ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුලු 07ක් දවා ගන්නා ලදී.
දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම තෙවැනි දිනයේ (18) තේ පානයෙන් ටික වේලාවකට පසු සියලුදෙනා දැවී ලබාගනු ලැබුවේ ලකුණු 168 ක් පමණි.
අයර්ලන්තය වෙනුවෙන් හැරී ටෙක්ටර් හට ලකුණු 42 ක් රැස් කරගැනීමට හැකි විය.
දෙවන ඉනිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 03ක් දවාගත් අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 76කට කඩුලු 04ක් දවා ගත්තේය.