මත්ද්‍රව්‍ය ගෙන යන්නන්ට ශ්‍රී පාදය තහනම්.

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන සියලුම දෙනාට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවට හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පවසා ඇති බව වාර්තා වේ.

මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නිපුන දෙහිගම මහතා පවසන ලද්දේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය මේ මස 26 වන දින සිට ආරම්භ වන බවත් මෙම ශ්‍රිපාද වන්දනා සමය තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන සියලුම දෙනා අත්අඩංගුවට ගැනිම සදහා වීශේෂ
සෝදිසි මෙහෙයුම් දිවා රාත්‍රියේදි සිදු කිරිමට පියවර ගන්නා බවත්ය.

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්නා කිරිමට පැමිණෙන මෙම පිරිස් අත්අඩංගුවට ගැනිම සදහා නල්ලතන්නියට පැමිණෙන සියළුම මාර්ග ආවරණය වන අයුරින් ක්ෂණික මාර්ග බාධක යොදවා වන්දනාකරුවන් පැමිණෙන රථ වාහන පරික්ෂාවට ලක් කිරිමට පියවර ගන්නා ලෙස හැටන්,
බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙළිය, නල්ලතන්නිය,නොර්ටන් බ්‍රීජ්, වටවල, ගිනිගත්හේන, පොල්පිටිය යන පොලිස් ස්ථානවලට අවශ්‍ය උපදෙස් ලබාදි ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ශ්‍රිපාද වන්දනාව යනු උතුම් වන්දනාවක් මිස විනෝද ගමනක්
නොවන බවත් එබැවින් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන
විට මතින් තොරව වන්දනාවට උචිත අයුරින් පැමිණිය යුතු බවත් විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන සියලුම දෙනාට සිදුවනුයේ ශ්‍රිපාදය වන්දනා කිරිම පසෙක දමා පොලිස් ස්ථානවල හා අධිකරණයේ කාලය ගත කිරිම බවද නිපුන දෙහිගම මහතා වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

Exit mobile version