SSP ගංජා වෙලදාමේ යද්දී SI ලා, PC ලා හොරකමේ යයි.

අප ඊයේ උදෑසන 5.45 ට පමණ වාර්තා කල ප්‍රමුඛතම පුවත වුයේ මොනරාගල SSP ගේ ගංජා කිලෝ 15 ක් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගැනීමයි. එය විශේෂ කාර්ය බලකාය මෑතකදී සිදුකල විශේෂ වැටලීමකි. සාක්ෂි සහිතවම සියල්ලම අත්පත් කරගැනීමට ඔවුන් දක්ෂ වී තිබේ.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ එක වරදක් හෝ සතියකට වරක අපට වාර්තා වේ. පසුගිය සතියේ කුකුල් හොරකමේ ගිය පොලිස් නිලධාරියෙකු ගැන වාර්තා විය. එසේම තවත් SSP වරයෙකු OIC ලාගෙන් කප්පම් ලෙස මුදල් ගන්නා සිද්ධියක් පිලිබදව අපගේ විමර්ශන යොමු වෙමින් තිබේ. ඒ අතර ඊයේ වාර්තා වූ අලුත්ම සිද්ධිය නම් විදේශිකයන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු එක්ව දකුණු පළාතේ රාජ්‍ය බැංකු තුනක ඒ.ටී.එම්. යන්ත්‍රවලින් ඉතා සූක්ෂ්ම ලෙස රුපියල් කෝටියකට අධික මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා, අත්අඩංගුවට ගෙන තිබීමයි.

අත්අඩංගුවට ගත් විදේශිකයන් දෙදෙනා කැනඩා හා බල්ගේරියා ජාතිකයන් බව ත් පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන් දැනුමැත්තන් වන අතර මෙම නිලධාරියා මෙම සොර කල්ලිය සමඟගවාහනය පදවා ගෙන ගොස් ඔවුනට ඒ සඳහා ආධාර අනුබල දී ඇති බව පොලිසිය කියයි.

සැකකාර විදේශිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ රැඳී සිටියදී වන අතර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේදී ය. අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇල්පිටිය හා මීගමුව ප්‍රදේශවලදී ය. හොන්ඩා ඉන්සයිට් වර්ගයේ වාහනයක් පදවාගෙන ගොස් බද්දේගම, කරාපිටිය සහ හික්කඩුව ප්‍රදේශවල ස්ථාපිත ඒ.ටී.එම්. යන්ත්‍ර කැඩීම මෙම කල්ලිය විසින් සිදු කර ඇති බවද පොලිසිය කියයි.

Exit mobile version