ශ්‍රී ලංකාවේපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද උදෑසන 06.30 ට පමණ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනය වෙත පැමිණීමට තිබුනේ රට සාමාන්‍ය අතට පත්ව තිබෙන බව සිතමින් ශාරීරික අභ්‍යාස කිරීමටයි.
ඊයේ හවස අපට ලැබුන විස්තරයට අනුව කියවුනේ ඇයට අභ්‍යාස කිරීමට ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධරීන් 500 ක් පමණ යොදවා එම මාර්ගය වසා දමන ලෙසට එක්තරා ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු පොලිස්පතිට බලපෑම් කරන බවයි. කෙසේ නමුත් පොලිස්පති එයට විරෝධය පළකර තිබෙන්නේ රට තුල තිබෙන වාතාවරණය පිලිබඳව දැනුවත් කරමිනි. කෙසේ හෝ අදාළ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස්පති සමග බහින් බස් වීමක් දක්වා යාමට තරම් බලපෑම දැඩිව එල්ල කර තිබෙන බැවින් අදාළ ප්‍රදේශයට විශේෂ කාර්ය බලකාය යොදවන ලෙස බලකායේ අණදෙන නිලධාරියාට උපදේස් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වේ. ශිරන්ති රාජපක්ෂ යනු ඔහුගේ බිරිඳ වේ. ශ්‍රී ලංකාවේ පවතින අරගලවලට ප්‍රධානතම චෝදිතයන් වන්නේද ඔවුන් වන අතර අරගල පවතින්නේද ඔවුන්ට විරුද්දවයි.
මෙසේ ඔවුන්ට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදීම නීතියට අනුව තහනම් වම අතර ඔවුන්ට ලබා දී තිබෙන ආරක්ෂාවට වැඩියෙන් ආරක්ෂාවක් ලබා දීමෙන් ද තව දුරටත් විනාශ වන්නේ මෙරට ආර්ථිකයම වේ. එසේම රටේ පුරවැසියන්ගෙන් 80% කටත් වඩා ඔවුන් සමග බද්ධ වෛරයෙන් පසුවන අවස්තාවක එසේ මහජනතාව අතරට පැමිණීම කිසි සේත්ම නුසුදුසු වන අතර ඔවුන්ගේ ආරක්ෂක නිලධාරින්ද ඒ පිළිබදව වටහාගෙන තිබිය යුතුය.
එසේම කනිෂ්ඨ පොලිස් නිලධාරියෙකු පොලිස්පතිට බලපෑම් කිරීමට තරම් කටයුතු කලේ නම් එයින් කියවෙන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන නිලධාරීන්ගේ තිබෙන පහත් විනය මෙන්ම මන්ධ මානසික අමනෝඥ බුද්ධියයි.
මේ පිලිබදව පොලිස් දෙපාර්තමේන්තුව සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානයේ අජිත් ධර්මපාල මහතා ඊයේ රාත්‍රියේම එයට විරුද්ධව කටයුතු කිරීමත් සමගම පොලිස් අභ්‍යාස කිරීම සදහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැමිණ නැත. එසේ පැමිණියේ නම් මහජනතාව එම ස්ථානයට යාමට කටයුතු සැලසුම් කර තිබු අතර එසේ වුවානම් පොලිස් දෙපාර්තමේන්තුවට තවත් දැඩි කැල්ලක් ඇතිවීම නැවැත්විය නොහැකිය.