ලෝක වෙළෙඳපොලේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන තොග කළමනාකරණය කරගැනීම වඩාත් වැදගත් බවට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇති බව වාර්තා වේ.
අග්රාමාත්යවරයා පෙන්වාදෙන්නේ ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ මට්ටමක තිබුණ ද රජය ඉතා සුළු මුදලකින් පමණක් ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.
අනුරාධපුර ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කර තිබේ.