සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට පියවර.

කීරි සම්බාවලට සමාන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවත් , මෙම සහල් තොග ලැබීමත් සමඟ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම හා සහල් හිඟය තුරන්වනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (27) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවති පලතුරු හා එළවළු ප්‍රදර්ශනය අවස්ථාවේ මහජනතාව කීරි සම්බා හිඟය සම්බන්ධව අමාත්‍යවරයාගෙන් කරුණු විමසූ අවස්ථාවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

” දෙසැම්බර් මාසයේ දී හා ජනවාරි මාසයේ දී එළැඹෙන උත්සව සමය ඉළක්ක කරමින් ඇතැම් සහල් ව්‍යාපාරිකයින් විසින් කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් ඇති කර තිබෙනවා. නමුත් රට තුළ කිසිදු සහල් හිඟයක් නැහැ. අවශ්‍ය තරම් සහල් සහ වී තොග රට තුළ තිබෙනවා. ඇතැම් ගොවීන් ද වී මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂවෙන් වී තොග රඳවාගෙන සිටිනවා. කීරි සම්බා සහල් රට තුළ හිඟයක් නැහැ. පසුගිය මහ කන්නයේ දී වී වගා කරන ඉඩම්වලින් සියයට 07ක කීරි සම්බා වගා කළා. ඉන් මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් ලැබුනා. නමුත් රජය විසින් ආරක්ෂිත වී සංචිත පවත්වාගෙන යාමට පියවර නොගැනීම නිසා මේ වනවිට ඇතැම් සහල් මෝල් අයිතිකාරයෝ කීරි සම්බා මිල ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම සහල් හිඟයක් රට තුළ නිර්මාණය කර තිබෙනවා. “

Exit mobile version