රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලබාදී ඇති අතර සුදුසුකම් ලැබූවන් 4000ක් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බවට ලේකම්වරයා සදහන් කර තිබේ.
දීර්ඝ කලකින් ග්‍රාම නිලධාරීන් බඳවා නොගැනීම හේතුවෙන් මේ වන විට පුරප්පාඩු මතුව ඇති අතර රාජකාරී සිදු කළ පිරිසක් විශ්‍රාම යාම හේතුවෙන් ද පුරප්පාඩු මතුවි ඇතැයි ලේකම්වරයා සඳහන් කර තිබේ.