මොලේ උණ වැළඳුණු රැඳවියන් වාර්තා වීම හේතුවෙන් සීමා කර තිබූ ගාල්ල බන්ධනාගාරයේ කටයුතු ලබන සෙනසුරාදා සිට යළි ආරම්භ කරන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
පසුගියදා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොලේ උණ රෝගයෙන් මියගිය අතර තවත් රැඳවියන් අට දෙනෙකු උණ රෝග තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ඉන් රෝගීන් සිව් දෙනෙකු සුවය ලබා ඇති අතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී.දිසානායක මහතා පවසා තිබේ.