STF ජීප් රථයක් අනතුරක – දෙදෙනෙක් මරුට.

වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම එහි ගමන්ගත් තවත් සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවද වව්නියාව පොලීසිය පවසයි.

ඊයේ (09) රාත්‍රි 9.30ට පමණ එම අනතුර සිදුව තිබේ.

පොලීසිය පැවසූවේ වර්ෂාව පැවති අවස්ථාවේ, පොලිස් විශේෂ කාර්ය බළකා ජීප් රථයක් ගමන්ගන්නා අවස්ථාවේ මාර්ගයේ රැඳී සිටි කිරි ගවයෙකුගේ ගැටී රියදුරුට ජීප් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් වව්නියාව, මඩුකන්ද පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් කුරුණෑගල සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචි 29 හා 31 හැවිරිදි පුද්ගලයන්ය.

තුවාල ලැබූ සෙබළුන් වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

Exit mobile version