අකර්මණ්‍ය ට්විටර් ශක්තිමත් කරන්න කාන්තාවක්.

ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා සුදුසු අයෙක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් , එම කාන්තාව ඉදිරියේදී සිය ධූරයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලොන් මස්ක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම අකර්මණ්‍ය ස්වරූපයක් ගන්නා ඉලොන් මස්ක්ගේ ව්‍යාපාර යළි ශක්තිමත් වනු ඇතැයි විදෙස් විචාරකයින් සඳහන් කර තිබේ.

මෙම තනතුරෙහි වැඩ කටයුතු භාර ගැනීමට නියමිත නිලධාරීවරියගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ඉලොන් මස්ක් මෙතෙක් තොරතුරු හෙළි කර නොමැත.

Exit mobile version