ප්‍රදේශ රැසකට අද (05) පස්වරුවේ හා රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ හා දකුණ යන පළාත්වලට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද අපේක්ෂා කළ හැකි බවට කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, අකුණු මඟින් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.