තේ වගාවට සහන මිලට පොහොර.

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර, නිෂ්පාදන මිලටම ලබාදීමට රජයට අයත් පොහොර සමාගම් දෙකක් එකඟතාවය පළ කර තිබෙන බව වාර්තා වේ .

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට ලබාදෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබන අතර මෙම පොහොර තේ වගාව සඳහා ඉතා උචිත වන බවත් , එම පොහොර සහන මිලකට තේ කර්මාන්තකරුවන්ට ලබාදීම සම්බන්ධව අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා වන ආචාර්ය ජගත් පෙරේරා සමග සාකච්ඡා කර තිබෙන බවත් සඳහන් .

ඒ අනුව තේ වගාව සඳහා අවශ්‍ය කෙරෙන පොහොර ඒවායේ නිෂ්පාදන මිලටම ලබාදීමට තීරණය කර තිබේ .

Exit mobile version