ප්‍රමිතියෙන් තොර ටින් මාළු තාමත් වෙළඳපොලේ .

ප්‍රමිතියෙන් තොර ටින් මාළු වෙළෙඳපොළේ තව දුරටත් පවතින බව ජාතික පාරිභෝගික පෙරමුණ අනාවරණ කර තිබෙන බව වාර්තා වේ .

මේ සම්බන්ධයෙන් එම පෙරමුණේ මූල්‍ය කළමනාකරු වසන්ත කුමාර රත්නකීර්ති ප්‍රකාශ කර ඇත්තේ මේ වන විටත් පාරිභෝගිකයින් පාරිභෝජනය කරනු ලබන්නේ ප්‍රමිතියෙන් තොර සැමන් බවත් , ඇතැම් ටින් මාළු වෙනුවෙන් SLS සහතිකය ලබා දුන් ආකාරය ප්‍රෙහේලිකාවක් බවත් ය.

ජාතික පාරිභෝගික පෙරමුණ වැඩි දුරටත් සඳහන් කරන්නේ මේ සියල්ලම අල්ලසට යටත්ව සිදු වන බවයි.

Exit mobile version