කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අද (03) දින තීරණය කර ඇත්තේ 2023 යල කන්නයේදී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා සහ බණ්ඩි පොහොර තමන් කැමති පරිදි මිලදීගැනීමට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවයි.
ඒ ශ්‍රී ලංකා රජය විසින් පොහොර මිලදීගැනීමට ගොවීන් හට ලබාදෙන සහනාධාර මුදල් තීරණය කළ පරිදි නොවෙනස්ව සියලුම ගොවීන් හට ලබාදීමට කටයුතු යොදා ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කොට තිබේ.
ඒ සහනාධාර මුදල් ලබාදෙනු ලබන්නේ හෙක්ටයාර් 01කට රුපියල් 20,000ක්, හෙක්ටයාර් 02කට රුපියල් 40,000ක් වශයෙන් බවත් එම මුදල් පොහොර මිලදීගැනීම සදහා ගොවීන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවත් එම අමාත්‍යාංශය සදහන් කොට තිබේ.