අල්ලස් ලබාගත් පොලිස් සැරයන්වරයකුට කොළඹ මහාධිකරණය මඟින් අධි චෝදනා පත්ර භාරදී තිබෙන බව වාර්තා වේ.
මෙලෙස අධි චෝදනා පත්ර ලබා දී ඇත්තේ මැදවච්චිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකුට බව සඳහන් .
2018 වර්ෂයේ මෙම සැරයන්වරයා තලංගම පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් සිටියදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වෑන් රථයක් තුළ අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් නීතිමය කටයුතු නොකිරීමට රුපියල් 25000ක අල්ලස් මුදලක් ලබා ගෙන තිබෙන අතර අල්ලස් පනතට අනුව මෙලෙස අධි චෝදනා පත්ර භාරදී තිබෙන බව වාර්තා වේ .