උසාවියට බොරු කියූ OIC ට අත්හිටවූ සිර දඩුවම්.

අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකුට වව්නියාව මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

2011 වර්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙයරත්නම් ශ්‍රී රංගා විසින් පදවන ලද ලියාපදිංචි නොකරන ලද ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන් වරයකු මරණයට පත්වීම සම්බන්ධව මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා විසින් පදවන ලද ජීප් රථය පොලිස් සැරයන්වරයා විසින් පැදවූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධව එවකට සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව නඩු පැවරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

අධිකරණය හමුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වරද පිළිගැනීමෙන් අනතුරුව චෝදනා දෙකකට මාස 6ක සහ මාස 12 ක සිරදඬුවම් නියම කිරීමෙන් අනතුරුව එය වසර හතකට අත්හිටුවා තිබෙන බව අනාවරණය වේ.

එයට අමතරව මිය ගියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට ද නියෝග කර ඇති බව සදහන්.

Exit mobile version