සුවසැරියටත් වැට් ගහන්න හදනවා – හර්ෂ ද සිල්වා.

සුව සැරියටත් වැට් ගහන්න හදන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ඔහු සඳහන් කළේ බදු ආදායම අත්‍යවශ්‍ය බව රජය කියන නමුත් බදු වල සාධාරණත්වයක් තිබිය යුතු බවයි .

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

” බදු ගහන යම් යම් අයිතම නැවත සලකා බලන ලෙස අප කිව්වා.පනත විවාදයට ගන්නා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව රජය කිව්වා. ලදරු පෝෂණයට අවශ්‍ය දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒවටත් වැට් ගහලා තිබෙනවා. පොහොර සඳහාත් වැට් බදු පනවා තිබෙනවා. ඩීසල් වලටත් වැට් එක ගහනවා.උපකරණ නැති නිසා බොහෝ රෝහල් වල පරීක්ෂණ කරන්නේ නැහැ. “

Exit mobile version