ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 2කින් ජය ගැනීමට සමත් වී තිබේ.
වාර්තා වන ආකාරයට විශාකාපට්නම්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 208ක් වන අතර ස්ටීවන් ස්මිත් ලකුණු 52කි.ජෝස් ඉංග්ලිස් ලකුණු 110ක් රැස් කර තිබේ.
ලකුණු 209ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 8ක් දැවී සිටියදී වේ.ඉෂන් කිෂන් ලකුණු 58ක් රැස් කළ අතර සූර්යකුමාර් යාදෙව් ලකුණු 80කි.