ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දෙමින් ජයගත් වලල ඒ. රත්නායක මැදි විදුහලේ තරුෂි කරුණාරත්න සිසුවිය අද (12) සිය පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සමඟ මහනුවර නගරයට පැමිණි බව වාර්තා වේ .
එම අවස්ථාවෙි මහනුවර නගරයට රැස්ව සිටි ජනතාව , මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ පිරිස් , වලල ඒ රත්නායක මැදි විදුහලේ ගුරු මණ්ඩලය ,ආදී සිසුන් තරුෂිගේ හිතවතුන් , නෑදෑ පිරිස , මහනුවර පොලිස් ප්‍රධානීන් , රාජ්‍ය නිලධාරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇයව උණුසුම් ලෙස පිළිගෙන ඇයට සුබ පැතූ බව සදහන් .