බදු පරිපාලනය කාර්‍යක්ෂම කළ යුතුයි – සජිත් ප්‍රේමදාස .

වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බවත් ,
කෝටි ගණන් මුදල් උපයමින් බදු පැහැර හරින පුද්ගලයන්ගෙන් නිවැරදිව බදු අය කර ගැනීමත් , දූෂිත ක්‍රමවේද යටතේ රජයට හිතැති සමාගම්වලට ලබා දුන් අනවශ්‍ය බදු සහන ඉවත් කිරීම කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ දඹදෙණිය නුන්ගමුව දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ වඩාත් විනිවිදභාවයකින් බදු අයකිරීම ඩිජිටල්කරණයට ලක් කරනවාට ඇතැම් පිරිස් විරුද්ධ බවත් , යම් ආකාරයකින් ඩිජිටල්කරණයක් සිදු කළ හොත් දූෂණය අඩුවන බවත් , වත්මන් ආණ්ඩුව තුන්වැනි වතාවටත් විදුලිබිල වැඩි කර විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද 18% ක් දක්වා වැඩි කිරීම පහත් ක්‍රියාවක් බවත් ය.

Exit mobile version