ටේලර් ස්විෆ්ට් සිවුවැනි වරටත් ග්‍රැමී සම්මානය දිනයි

ලෝක ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගායක ගායිකාවන් ඇගැයීමට ලක් කෙරෙන සුප්‍රකට ග්‍රැමී සම්මාන උලෙළේදී සුපිරි බටහිර ගායිකා ටේලර් ස්විෆ්ට් වාර්තාවක් බිහි කරමින් සිව්වැනි වරටත් වසරේ හොඳම ගීත ඇල්බමයට හිම් සම්මානය දිනා ගත් බව වාර්තා වේ.

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැති 66 වැනි ග්‍රැමී සම්මාන උලෙළේදී 34 හැවිරිදි මෙම අමෙරිකානු ගායිකාවට පසුගිය වසරේදී නිකුත් කළ Midnights ගීත ඇල්බමයට එම සම්මානය ලැබුණු අතර, ඊට පෙර 2008, 2016 සහ 2022දී එම සම්මානයෙන් පිදුම් ලැබූ බව සදහන්.

ඒ අනුව ඇය ග්‍රැමී සම්මාන ඉතිහාසයේ වසරේ හොඳම ගීත ඇල්බමයට වැඩිම වාර ගණනක් හිමිකම් කී ගායකයා හෝ ගායිකාව බවට පත් වූ අතර, ඊට පෙර ස්ටීව් වොන්ඩර්, පෝල් සයිමන් සහ ෆ්‍රෑන්ක් සිනට්‍රා එම වාර්තාවට හිමිකම් කීහ.

මෙවර සම්මාන උලෙළේදී වසරේ හොඳම ගීතයට හිමි සම්මානය What Was I Made For? ගීතය ගැයූ බිලී එලිෂ්ට හිමි වූ අතර, වසරේ හොඳම ගීත පටිගත කිරීමට හිමි සම්මානය Flowers ගීතයේ පටිගත කිරීම වෙනුවෙන් මිලී සයිරස්ට හිමි විය. වසරේ නැඟී එන ගායිකාව ලෙස වික්ටෝරියා මොනෙට් සම්මාන දිනා ගත්තාය.

උපුටා ගැනීම -දිනමිණ

Exit mobile version