ශ්රී ලංකා ටෙලිකොම් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 9 වැනි දිනටත් පැවැත්වෙන බව වාර්තා වේ .
ශ්රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා සඳහන් කළේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ රැස්වූ අධ්යක්ෂ මණ්ඩලය ද පිළිගත හැකි විසඳුමක් ලබා නොදුන් බවත් , ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව මෙම වැඩවර්ජනය ක්රියාත්මක කරන බවත් ය.