ආගමන විගමන නිලධාරින් රවටා කැනඩාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දස දෙනෙකු නව දිල්ලි ගුවන්තොටුපළේදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ශ්‍රී ලාංකිකයා චෙන්නායි නුවර පදිංචි කරුවෙකු වන අතර අනෙකුත් 9 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.
ඒ අනුව ඔවුන් පොලිසියට රැගෙන ගොස් මේ වන විට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු වන බව සදහන්.