96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙන බව වාර්තා වේ.
එහිදී හොඳම සහාය නිළිය ලෙස Da’Vine Joy Randolph “The holdovers” චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනා ගෙන තිබේ.
හොඳම සහාය නළුවා ලෙස Robert Downey Jr විසින් “Oppenheimer” චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනාගැනීමට සමත් විය.
හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටිය ලෙස ‘‘ද සෝන් ඕෆ් ඉන්ටරෙස්ට්‘‘ චිත්‍රපටය සම්මාන හිමිකර ගෙන තිබේ.
එහිදී එම චිත්‍රපටියේ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා වු ජොනතන් ග්ලේසන් ගාසා තීරයේ සිදුකරන මානුෂීය නොවන ප්‍රහාර සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.
මේ අතර හොඳම ගීතයට හිමි සම්මානය හිමිකරගත්තේ “Barbie” චිත්‍රපටියේ “What Was I Made For” ගීතය රචනා කළ Billie Eilish සහ ඇයගේ සහෝදරයා වන Finneas O’Connell විසිනි.