සිවිල් ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ තවත් සිවිල් ආරක්ෂක නිලධාරියකු ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට අයත් මාග්‍රට් වත්ත නැමැති පොල් පර්යේෂණ මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පුත්තලම සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකුගේ ගිනි අවිය මෙසේ ක්‍රියාත්මක වී ඇති බවට පොලීසිය පවසයි.
ක්‍රියාත්මක වූ ගිනි අවිය බෝර 12 වර්ගයේ පතුරන් තුවක්කුවක් බවද අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු රස්නායකපුර පොලිසිය විසින් සිදුකරනු ලබන බව සදහන්.