කොස්තාපල්වරිය රෝහලට යැවූ අනතුර.

තිස්සමහාරාම මහා විද්‍යාලය ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරියක් අනතුරට ලක් කල යතුරුපැදිකරුවෙකු තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

යතුරුපැදියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ නිලධාරිනිය ප්‍රතිකාර සඳහා දෙබරවැව මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධව ඉදිරි විමර්ශන තිස්සමහාරාම පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version