පාසල් දරුවෙකුට දිවි අහිමි කළ අනතුර.

පලෙයි පොලිස් වසමේ මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඊයේ (05) සවස අනතුර සිදුව ඇති අතර වන්නන්කේණී හන්දිය අසල දී කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් විරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු 12 හැවිරිදි පාසල් සිසුවා පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සදහන්.

අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පළාගොස් ඇති අතර, පසුව පලෙයි පොලිස් නිලධාරීන් විසින් රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version