තරුණයෙකුට මරු කැදවූ අනතුර.

යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය වූ පා පැදියක ගැටී මෙම අනතුර සිදු ව ඇති බව සදහන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා යාපනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 19 හැවිරිදි අයියකඩේ – මිසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු චාවකච්චේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version