පොලිස් කොස්තාපල්වරියට මරු කැඳවූ අනතුර.

අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ ගලේවෙල, ගලකිරියාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඊයේ (10) උදෑසන එම අනතුර සිදුව ඇති බවට පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 24 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියකි.

කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී එම අනතුර සිදුව තිබුණි.

එම පොලිස් කොස්තාපල්වරිය නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටින අතරතුර මෙම අනතුරට ලක්ව තිබේ.

Exit mobile version