ඇෆ්ගන් පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පිලට දුන් අභියෝගය.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 291ක් රැස්කර ගැනීමට සමත් වූ බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඊබ්‍රාහිම් සඩ්ඩ්‍රාන් පන්දු 143කදී ලකුණු 129ක් රැස්කර ගැනීමට සමත් වී ඇති බව සදහන්.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වේ.

මෙම තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 292ක් රැස්කර ගත යුතු බව සදහන්.

Exit mobile version