- ජනාධිපතිවරයාට එරෙහිව මහජන අප්‍රසාදය වැඩි කිරිම.
- ගුවන් හමුදාධිපති තනතුර හෑල්ලුවට ලක් කිරිම.
- දේශපාලන වේදිකාවට නැගී හිටපු ගුවන් හමුදා නිලධාරීන්.
- කමල් ගුණරත්න මහතාද විශ්‍රාම දිවියේ තම දේශපාලන අයිතිය භුක්ති විඳි හැටි.
- සම්පත් තුයියාකොන්තාගේ විශේෂ මෙහෙයුම්.
- ජෙට් නියමුවන්ගේ සහ හෙලිකොප්ටර් නියමුවන්ගේ වෙනස.
- යුධ සමයේ හෙලිකොප්ටර් නියමුවන්ගේ පවුල් ජීවිත විනාශ වූ හැටි.
ජනාධිපති විසින් පත්කරනු ලබන නිලධාරියෙකු වරදක් කලහොත් එයට ජනාධිපතිවරයාත් වගකිව යුතු බවට ඉතිහාසගතවන විශිෂ්ඨ නඩු තීන්දුවක් ලබා දිමට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසු ගියදා කටයුතු කළේය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිවය. ඒ ආකාරයෙන්ම ජනාධිපතිවරයා නියෝජනය කරන, විධායකයේ බලය ක්‍රියාත්මක කරවන ශ්‍රී ලංකාවේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සිදුකරන සියලුම වැරදිවලට ජනාධිපතිවරයා වගකිව යුතු බව ඉන් කිය වේ. ජනාධිපතිවරයා ජනතාවට වගකිව යුතු බැවින්, ඔවුන් සිදුකරනා සියලුම වැරදි වලින් සිදුවන මහජන අප්‍රසාදය සෘජුවම ජනාධිතිවරයාට එල්ල වේ. කවුරු ජනාධිපතිවරයා ලෙස සිටියත් ඔහු කල යුත්තේ එවැනි අයට නිසි දඩුවම් ලබා දීමය.
ශ්‍රී ලංකාවේ 18 වැනි ගුවන් හමුදාධිපතිවරයා පසු ගියදා තවත් නොහොබිනා වැඩක් කළේය. ඒ විශ්‍රාමික ගුවන් මාෂල්වරයෙකු වූ සම්පත් තුයියාකොන්තා නමැති නිලධාරියෙකුට ගුවන් හමුදා කඳවුරු තහනම් කිරිමය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශාපලන වේදිකාවට ගොඩවීම නිසාය. වර්තාමන ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ මීට පෙරද ඔහුගෙන් පලි ගෙන තිබේ. ඒ පෝලිම් සමයේ ඔවුන්ට හිමි ඉන්ධන කෝටාව තහනම් කිරීමය (එම පුවත පහතින් දැක්වේ). එම පළිගැනීමේ ක්‍රියාවලිය තුලම අනාගතයේ සිදුවන දේ අප පෙන්වා දී තිබේ. කෙසේ නමුත් ඔහුට එරෙහිව ගුවන් හමුදාධිපතිවරයා ගත් මෙම දුෂ්ඨ ක්‍රියාවලියත් සමගම සමාජ මාධ්‍ය තුලින් සම්පත් තුයියාකොන්තාගේ වීරත්වය කරලියට පැමිණෙමින් ජනාධිපතිවරයාට දැඩි අප්‍රසාධයක් ඇති කරවීය. විශ්‍රාම ගිය පසු තමනුත් නිකන්ම නිකන් රූකඩයක් වන බව බලය අත් හැරීමට අපහසුවෙන් සිටිනා සුදර්ශනට තවමත් තේරී නැත. ඉන් පසු අණදීමට සහ පලිගැනීමට සිදුවන්නේ තමන්ගේ පවුලේ උදවියගෙනි.
විශ්‍රාම පසු තමන් හමුදා නීතියට යටත් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන්ට හිමි දේශපාලන මතයක් , පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිය හැකිය. එය ගුවන් හමුදාධිපතිගේ පුද්ගලික නිතිය නොවේ. මීට අවුරුදු ගනනාවකට පෙර සක්‍රීය සේවයේ යෙදී සිටියදී කිරුලපනේදී දේශපාලන වේදිකාවට නැගී ජේෂ්ඨ ගුවන් හමුදා නිලදාරිනියක් සහ තවත් නිලධාරියෙක් විශ්‍රාම වැටුප් ලබන්නේ කෙසේද? යන්න මහජන බදු මුදලින් පාලනය වන, මහජනතාවගේ උත්තරීතර තනතුරක් සිට දුෂ්ඨ ක්‍රියාවල යෙදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මහජන කැළඹීම් ඇතිකරන ගුවන් හමුදාධිපතිගෙන් ප්‍රශ්න කරන්නෙමු.
“සිංහයො කිසිම වේලාවක උඩු බුරන්නෙ නෑ – බල්ලො විතරයි උඩු බුරන්නෙ ” ලෙස ප්‍රකාශ කරන්නේ පහත යු ටියුබ් නාලිකාවේ කල්ප ගුණරත්නය . ඔහුගේ විග්රහයට අනුව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා සිංහයෙකි. උඩු බුරන්නේ කවුද යන්න ඔහු පැහැදිලි කර තිබේ.
විශිෂ්ඨ ගුවන් නියමුවන් අතරේ අති දක්ෂතම ගුවන් නියමුන්ද සිටී. විශිෂ්ඨභාවයට පත්වන්නේ දක්ෂතාවය මතය. සිදුකරනා කැපකිරීම් මත ඒවා වීරත්වය කරා ගමන් ගනී. එය එසේ වන්නේ දක්ෂ පුද්ගලයන් මුහුණ දෙන විවිධ ක්‍රියාවන් සමගය. සම්පත් කුසියකොන්තා යනු අති දක්ෂ, විශිෂිඨ වීරයෙකි. ඔහු හෙලිකොප්ටර් පැදවූ ගුවන් නියමුවෙකි. 1988 ගුවන් හමුදාවට බැදී, MI – 24 හෙලිකොප්ටර් බලඝනයේ අංක 09 හි අණ දෙන නිලධාරි වශයෙන් තම දිවි පරදුවට තබා වීර වික්‍රම විභූෂණ ,උත්තම සේවා සම්මාන ආදියෙන් ඔහු පිදුම් ලබන්නේ වාර්ගික යුද්ධයේදී ඔවුන් කල කැපවීම් නිසාය. ප්‍රහාරක ජෙට් යානාවක් අතට ගත් ගුවන් නියමුවෙකුට පැවති වාර්ගික යුද්ධයේදී මරණීය බිය පිලිබඳව විශාල ගැටළුවක් නොතිබුණි. නමුත් භාණ්ඩ සහ මගී ප්‍රවාහන ගුවන් යානා පැදි ගුවන් කාර්ය මණ්ඩලයටද එම මරණ බිය තිබුනේය. හෙලිකොප්ටර් නියමුවන් සහිත කාර්ය මණ්ඩලය ගුවන් ගත වන්නේ ආපසු පැමිණීම පිලිබදව ආශාවන් අමතක කරගෙනය. යුධ බිමේ සිටින සටන්කරුවන්ට වඩා ඔවුන්ගේ ජීවිත තිබුනේ සෘජුවම සතුරාට නිරාවරණය වෙමිනි. හෙලිකොප්ටර් නියමුවන් බොහෝ දෙනෙකුගේ මෙන්ම යුද්ධය හේතුවෙන් දුෂ්කර ජීවිත බොහෝ හමුදා සේවකයන්ගේ සමස්ත පවුල් ජීවිත පවා අහිමි වූ බවද, ඔවුන්ගේ පුද්ගලික ජීවිතද යුද්ධය නිසා විනාශ වී ගිය බවද නොරහසකි.
විශේෂ කාර්ය බලකාය සමග වැඩිම තර්ජන සහිත යුධ මෙහෙයුම් වලට ගුවනින් නායකත්වය දුන් සම්පත්, තුනුක්කායි හි මෙහෙයුම් දෙකටම නායකත්වය ලබා දී තිබේ. එම මෙහෙයුම් දෙකම සාර්ථකව අවසන් කර තිබේ. ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මහතා සමග ඔඩ්ඩුසුඩාන් මෙයුමේදීද ගුවන් මෙහෙයුමට නායකත්වය දුන් ඔහු එයද සාර්ථකව අවසන් කිරිමට ඔහු කටයුතු කර තිබේ. ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මහතා එම මෙහෙයුමට ගොඩබිමින් අණ දී තිබෙන අතර ඔහු මිය යන්නේද එම මෙහෙයුමේදිය. එම මෙහෙයම් දෙකටම RWP (රණ වික්‍රම) තිබෙන අතර WWP (වීර වික්‍රම) පදක්කම්ද ඔහුට ලැබිය යුතු නමුත් ඒවාද ලබා දී නැත.
මුල්ලෙයාවලිවාලදී ඔහු ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙඩි වැදුනු අතර එහිදී ගිනි ගත් යානයද පදවාගෙන ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිඟුරක්ගොඩ දක්වා පැමිණ තිබේ. කෙසේ නමුත් ඉලක්කයට බෝම්බ හෙලීම සහ ඉලක්කයන් සොයාගෙන ගොස පහරදීම යනු දෙකකි. වර්තමාන ගුවන් හමුදාධිපතිද ජෙට් යානා පදවන ලද ගුවන් නියමුවෙකි. ඔහුද අදක්ෂ යයි කිව නොහැකි නමුත් ඔහු පහර දුන්නේ ලබා දුන් ඉලක්කයටය. ඔහු දැන් ගුවන් හමුදධිපති වී ඔහුගේ පස මිතුරන්ගෙන් පලිගනිමින් කරන්නේ බලය භාවිතා කරමින් පසමිතුරන්ට පහර දීමය. මෙලෙස ඔහුගේ පාලනය අදක්ෂ මෙන්ම සේනාධිනායකයාගේ දැක්මට එරෙහිව කටයුතු කරනා බැව් අප දිගින් දිගටම සාක්ෂි සහිතවම අනාවරණය කර තිබේ. නිල බලය භාවිතා කළ මිනිසුන්ගෙන් පලිගැනීමේදී, එය සෘජුවම බලපාන්නේ රටේ ජනාධිපතිවරයාට බවත්, එය මහජන කැළඹීම් දක්වා ගමන් කරනා බවත්, නිලයේ බලයෙන් වැජබෙන, මහජන මුදල් දූෂණය කරනා සියලුම මාණ්ඩලික නොහොත් පරිපාලන ශ්‍රේණියට අයත් පුද්ගලයන් මනා ලෙස දැනගත යුත්තේ තනතුර අත් හැර යාමට සිදුවන බවය. එසේම මරණයෙන් පසු තමන් රැගෙන යන්නේ තමන් කරන හොද හෝ නරක පමණක් බවත් මෙනෙහි කරගත යුත්තේ තමන් අදහන ආගමට අනුවය.
ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා පවා තම විශ්‍රාම දිවියේ දේශපාලනය කළේය. එය කමල් ගුණරත්න මහතාටද හිමි අයිතියකි. කමල් ගුණරතන මහතාගේ වැරදි පිලිබඳවද අප ඕනා තරම් ලිපි ලියා තිබේ. එහෙත් ඔහුගේ විශ්‍රාම දිවියේදී ඔහු දරනා දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටිම වැරදි යයි කිව නොහැක. එය ඔහුගේ අයිතියකි. නමුත් ඒවාටද විවේචන ඕනා තරම් අපද ලියා තිබේ. ඔහු ගොඩවන දේශපාලන වේදිකාවට එරෙහිව, ඔහුගේ මතයට එරෙහිව කවුරුන් හෝ කටයුතු කර ඔහුට එරෙහිව කටයුතු කලහොත් එය නින්ධිතය. එය අමු අමුවේම ඔහුගෙන් කරනා පළිගැනීමකි. වර්තමාන ගුවන් හමුදාපතිද යහපාලන රජය විනාශකර ගෝඨාභය ගෙන ඒමට කටයුතු කල පුද්ගලයෙකි. එවන් පසුබිමක් තුල, මහජන තනතුර තම පුද්ගලික තරහ සහ පලිගැනීම් වෙනුවෙන් භාවිතා කිරීම නින්ධිතය. සම්පත්ට එරෙහිව රහසිගත ලේඛනයක් සකසා ජනාධිපති තනතුර සහ ගුවන් හමුදාපති තනතුර යන දෙකම මහජන අප්‍රසාදය ඇති කිරීමට තරම් ඔහු අඥාන වීම ගුවන් හමුදාවේ අභාග්‍ය නොවේ. රටේ අභාග්‍ය වේ.
එබැවින් මේ පැරණි හමුදා සහ පොලිස් නායකයන් වර්තමානය නිසි ලෙස හදුනාගත යුතු අතර දශක කිහිපයකට පෙර තිබු නීතියට පරිබාහිරව සිදුකරනා සියලුම ක්‍රියා වර්තාමනයට නොගැලපෙන බවද, එදා තිබු අදුරට වඩා වර්තමානයේ සියල්ලම සිදුවන්නේ වේගයෙන් බවද, ඔවුන්ගේ පැරණි ක්‍රම වර්තමාන ප්‍රජාව අනුමත නොකරන බවද මනාව හදුනා ගත යුතුය. එසේ නොවන තාක් කල් මෙරට ආරක්ෂක අංශ වලට ඇතිවන මහජන අප්‍රසාදය සහ ආරක්ෂක අංශවලට එරෙහිව සිදුවන නීතිමය කටයුතු කිසිදා නොනවතිනු ඇත.