අසල්වැසියාගේ අගනුවර වායු ඉතාම නරක අතට.

ඉන්දියාවේ නවදිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය තවදුරටත් නරක අතට හැරෙමින් වායු තත්ත්ව දර්ශකය 437ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වේ.

මේ නිසා අගනුවරට මෝටර් රථ පිවිසීම ඔත්තේ-ඉරට්ටේ ක්‍රමයට ක්‍රියාත්මක වනු ඇති බව සදහන්.

සෑම දිනකම පස්වරු 4 ට දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය මනිනු ලබන අතර, පසුගිය සතියේ දත්ත සැලකූ විට එය ක්‍රමයෙන් වැඩි වී ඇත.

නමුත් පසුගිය සති අන්තයේ සාපේක්ෂ වශයෙන් වඩා හොඳ වාතයේ ගුණාත්මක භාවයක් සටහන් වූයේ මද වශයෙන් ඇදහැලුනු වර්ෂාව නිසා බවයි බලධාරීන් සඳහන් කර ඇත්තේ.

දිවාලි උත්සව සමයේ රතිඤ්ඤා පිපිරවීම සහ අසල්වැසි ප්‍රාන්තවල පිදුරු පුළුස්සා දැමීම් හේතුවෙන් පසුගිය දිනවලදී වායු දූෂණ මට්ටම මේ ආකාරයට ඉහළ යා ඇති බවට විදෙස් මධ්‍ය වාර්තා කර ඇත.

Exit mobile version