ගුවන්තොටුපළට නව සභාපතිවරයෙක්.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින්  පත් කර ඇති බව වාර්තා වේ.

නව පත්වීම ලද ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත 12/11 දින පැමිණ ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මැද සිය ධුරයෙහි වැඩ භාර ගත් බව සදහන්.

මෙම අවස්ථාවට ඒ මහතාගේ බිරිඳ , දූ දරුවන් සහ ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ඒවායේ ප්‍රධානීන් , නියෝජ්‍ය ප්‍රධානීන් පැමිණ සහභාගී වී සිටි බව වාර්තා වේ.

Exit mobile version